ඇත්ත

මිහින් එයාර් ඛේදවාචකය
මිහින් එයාර්, ශ්‍රී ලාංකීය ධනය පිටරට පැටවූ අපේ කා‍ලයේ මහා මූල්‍ය සුනාමිය. අතිගරු වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මිහින් එයාර් ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වූයේ අඩු වියදමකින් විදේශ ගමන් යාම සඳහා මෙම ආයතනය බිහි කරන ලද්දේ වුවද මේ හරහා සිදුවූයේ ලංකාවේ ආර්ථික තත්ත්වය තිබූ තැනින් තවත් පහළට වැ‍ටීම පමණකි. මේ ආයතනය අරඹා මාස 11ක් ඇතුළත රුපියල් කෝටි 300කට ආසන්න අලාභයක් ලබා ඇතැයි මාධ්‍ය හරහා සත්‍යගරුකට දැනගැනීමට ලැබිණ. එය නිසැකයෙන්ම මෙය කියවන ඔබටත් දැනගැනීමට ලැබෙන්නට ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් යුද්ධය පෙරට ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වැරදි සියල්ලම සඟවා ගැනීමට උත්සාහ දරණ බව පෙනේ. මෙම අලාභය මඟහරවා ගත්තානම් ආණ්ඩුවට වර්තමානයේ එල්ලවෙන චෝදනා වලින් අවම තර‍මේ 50%කින් වත් අවම කරගැනීමට හැකිවනු ඇති බව නිසැකය.

එම අලාභය සුනාමි ඛේදවාචකයෙන් අවතැන්වූවන්ට නිවාස තනාදීමට, විදේශ ණය ගෙවාදැමීමට හෝ අවමතර‍මේ යුද්ධයටවත් වියදම් කරේ නම් දුකක් නැත. නමුත් සිදුවූයේ අනෙකකි. සියළුම මුදල් රටින් පිටට ගලාගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලොක් ආර්ථික ශක්තිය සෑහෙන දුරට අවම වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් එපිටට මුදල් ගලා‍යාවේ වේග‍ය වැඩිවීමත් ලංකා‍ව තුලට ගලා‍එන මුදල් ප්‍රමාණය අඩුවීමත් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය තවත් නොබෝ කලෙකින් උච්ජත්වයට පත්වෙනු ඇත. මිහින් එයාර් ඛේදවාචකය ලාංකේය ආර්ථිකය බලපා‍න්නේ ඒ අයුරිනි. එය අලාභයන් නැවත ලංකාවේම ආ‍යෝජනයකට යෙදුනේනම් කම් නැත එය වක්‍රව හෝ ලාංකේය ආර්ථිකයට මිශ්‍ර වන්නේ නම් කිසිදු අලාභයක් වන්නේ නැත. මිහින් එයාර් ආයතනයේ ලොකු පුටුවල උන් නිලධරයන්ට ගෙවන ලද අතිවිශාල වැටුප් පරිමාණයද මෙම කඩාවැටීමට හේතුවක් වන්නට ඇත. එමෙන්ම මෙම ආයතනය විසින් කාබාසිනියා කරන ලද තෙල් ප්‍රමාණය හරහා තවත් විශාල ගැටළු රාශියකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවිය.

එබැවින් මෙම ආණ්ඩුව ශක්තීමත් වීමට නම් දැන් කර යුත්තේ තව තවත් මැති ඇමති ධූර ලබාදී හිස් ගෙඩි වලින් පමණක් ශක්තිමත් කර නොගෙන, මෙවන් ආර්ථික කාබාසිනියාතුමන්ලා නීතිය හමුවට ගෙන නිසි දඬුවම් ලබාදී ‍පාඩු වූ මුදල් ප්‍රමාණයෙන් අඩක්වත් රැඟෙන රටෙහි ආර්ථික දියුණුවට යෙදවීම තුලින් මහජන ප්‍රසාදය ලබාගැනීමය. නමුත් සිදුව ඇත්තේ අනෙකකි. මිහින් එයාර් කඩාවැටීමට ප්‍රධාන වශයෙන් දායක වූ අයෙක් හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතුවල ප්‍රධාන තනතුරකට පත්කොට ඇත.

හම්බන්තොට වරායටද අත්වන්නේ මිහින් එයාර් ඛේදවාචකයමද? අහෝ! ඛේදයකි!!

ආණ්ඩුවේ දෙබිඩි මාධ්‍ය ප්‍රතිපත්තිය.
පළමු හා දෙවන සටහන් වලට ඔබෙන් ලැබුණු උණූසුම් ප්‍රතිචාරයන්ට තුති පුදමින් මෙවර “ඇත්ත” වෙබ් අඩවියේ සමබරතාවය රැකීම උදෙසා ගෙන එන දෙවැනි මාතෘකාවට පාදක වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන “සිරිකොත” ආසන්නේ කැමරාගත කරමින් සිටි ස්වාධීන රෑපවාහිනී මාධ්‍යකරුවන් දෙදෙනෙකුට “සිරිකොත” තුළදී පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ලවීමයි. මෙහිදී සැලකිය යුතු කරුණක් ඇත එනම්, මෙම ප්‍රහාරය කරන ලද එක්සත් ජාතික පක්ෂයේ ගෝලබාලයින් එසැණින්ම අත් අඩංගුවට ගැනීමය. සත්‍යවශයෙන්ම මාධයට අත තැබීම බරපතල කරුණකි. මෙහිදී සැණින් ක්‍රියාත්මක වූ පොලිස් ආරක්ෂක අංශ පැසසිය යුතුය. නමුත් සත්‍ය ඇත්තේ එතැන නොවේ. මීට මාස කීපයකට පෙර “ගරු ආචාර්ය” මර්වින් සිල්වා තවත් රාජ්‍ය නාලිකාවකට කඩා වැදී සිදුකරන ලද නාටකය ඔබට, මට නොව සිහි විකල් භාවයෙන් තොර ඇස් කන් ඇති සියළුම ලාංකිකයන් හට අමතක නොවන බව අපි දනිමු. එසේ නම් ඒ අවස්ථාවේ වගකිවයුත්තන් වහ වහා අත්අඩංගුවට නොගත්තේ ඇයි? සත්‍ය ඇත්තේ එතැනය. එය ලාංකීය දේශපාලනය හා මාධ්‍ය සමඟ ගණුදෙනුවේ කූට දෙබිඩි ප්‍රතිපත්තියයි. මාධ්‍යයට අත තැබීම යනු ජනතාවගේ දැනගැනීමේ අයිතියට අත තැබීම හා සමාන කරුණකි. මේ ගැන සිතීම ඔබට බාරයි.

මම, සත්‍යගරුක.

මහා ජූලි වැඩ වර්ජනය අසාර්ථකයි
වඩාත් සාමාජයීය, දේශපාලනික හා ආර්ථිකමය වටිනාකමකින් යුතු වැඩ කරන ජනතාවගේ පංතියේ වැඩ වර්ජන ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ‍රෝගීන් ජීවිතක්ෂය පත්වන තෙක්, ආර්ථික හර පද්ධතීන් බිඳ වැටෙන තෙක් කරන්නාවූ මේ වර්ජන අතරට අද දිනයේ එකතු වී ඇත්තේ යුගයේ අසාර්ථකම වැඩ වර්ජනයයි. කම්කරු පන්තිය ලෙස තම ඉල්ලීම් දිනාගැනීම උදෙසා හඩක් නැගිය යුතුය. නමුත් එසේ කළ යුත්තේ යුක්ති සහගත වශයෙන් හේතු දක්වමිනි. මෙවර මහා වැඩ වර්ජනය සූදානම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ එහි සහය සඳහා වැලේ වැල් නැති එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා එකතුකරගන්නේ සියළු වාද බේද අත්හරිමිනි. එය, මෙහි ඇති පළමු විශේෂත්වවයි. එකිනෙකාට එකිනෙකා ඝාතනය කරගනිමින් මිලේජ්ජත්වයේ දේශපාලනයක් ඉදිරිපත් කරන ලද මේ පක්ෂ‍ දෙක අද මිතුරන් ‍සේ එකට අත්වැල් බැඳගනිමින් වර්ජනයට එක්වී ඇති අයුරු දැකීම එක් අතකින් පූරුවේ පිනකි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකාරී වශයෙන් වර්ජන රංගනයට දායක වෙද්දී එහි වඩාත් හාස්‍යජනකම රංගනය ඉදිරිපත් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත සහෝදරයාය. අද දවස තුළ නාගරික ප්‍රදේශ සියල්ලෙහිම පාහේ ඉතා කාර්යක්ෂම (වෙනත් දිනවලට වඩා සාපේක්ෂව) ප්‍රවාහන සේවයක් දක්නට හැකිවූ අතර පුද්ගලික බස්රථද සෑහෙන්න ප්‍රමාණයක් ධාවනයේ යෙදීම විශේෂ කරුණකි. තම මන්ත්‍රී ධූරය පවා උගස් කරමින් මේ අපූර්ව රංගනයේ දායකත්වය දැක්වූ ලාල් කාන්ත සහෝදරයාට වැලේ වැල් නැතිවී ගොස් ඇති හෙයිනි.

එමෙන්ම වර්ජනය ඇරඹීමට පෙර ජනතා විමුක්‍ති පෙරමුණෙන් බළලා මල්ලෙන් එලියට පැන්නේය. උතුරු මැද පළාත් පාළන මැතිවරණය කල් දමන්නේ නම් තමන් මෙම වර්ජනය නවතාලන බව ඔවුන්ගේ ප්‍රකාශය විය. එය ඔවුන් වැ‍ටී අගාධය ‍මනාවට පැහැදිලි කරන්නකි. වර්තමාන‍යේ ජනතා විමුක්ති පෙරමුණේ බලවත් සෝදාපාළුව නිසා ශක්තිමත් හඬකින් තොරව ඔවුන‍ට මැතිවරණයකට මුහුණ දීමට නොහැකි සෙයිනි. වැලේ වැල් නැති එක්සත් ජාතික පක්ෂද ජනතා විමුක්ති පෙරමුණ නමැති තුත්තිරි ගසේ එල්ලුනේ තම දේශපාලනික නිරුවත වසාගැනීමටදැයි සැක සහිතය.

සංවාදයට විවෘතයි!

සත්‍යයේ ඇරඹුම
ඇත්ත, එසේත් නැතිනම් සම්භාව්‍ය වාක්‍යයෙන් සත්‍ය, මේ කිනම් නමකින් විස්තර කරන ලද්දේ වුවද සත්‍ය අන් කිසිවක් නොව සත්‍ය සත්‍යම වේ. වඩාත් ජනහිතකාමී බ්ලොග්කරණ සම්ප්‍රදායක් උදෙසා සිංහල භාෂාවෙන් ඔබවෙත ඉදිරිපත් කෙරෙනු ලබන සත්‍යයේ සටහන එනම්, “ඇත්ත” වෙබ් අඩවිය හරහා ඔබගේ සිත් තුල වඩාත් නිවැරදි සාමාජීය, ආර්ථික හා දේශපාලනික අදහස් ජනිත කරවීම මෙහි අරමුණයි. ඉදින්, අන්තර්ජාලයේ සත්‍ය ගවේෂණයට හිතැති ඔබට කෙරෙන කාරුණික, සත්‍යවාදී ආයාචනයයි මේ. එක්වන්න, සත්‍යය ජයගන්න.