මිහින් එයාර්, ශ්‍රී ලාංකීය ධනය පිටරට පැටවූ අපේ කාලයේ මහා මූල්‍ය සුනාමිය. අතිගරු වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මිහින් එයාර් ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වූයේ අඩු වියදමකින් විදේශ ගමන් යාම සඳහා මෙම ආයතනය බිහි කරන ලද්දේ වුවද මේ හරහා සිදුවූයේ ලංකාවේ ආර්ථික තත්ත්වය තිබූ තැනින් තවත් පහළට වැටීම පමණකි. මේ ආයතනය අරඹා මාස 11ක් ඇතුළත රුපියල් කෝටි 300කට ආසන්න අලාභයක් ලබා ඇතැයි මාධ්‍ය හරහා සත්‍යගරුකට දැනගැනීමට ලැබිණ. එය නිසැකයෙන්ම මෙය කියවන ඔබටත් දැනගැනීමට ලැබෙන්නට ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් යුද්ධය පෙරට ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වැරදි සියල්ලම සඟවා ගැනීමට උත්සාහ දරණ බව පෙනේ. මෙම අලාභය මඟහරවා ගත්තානම් ආණ්ඩුවට වර්තමානයේ එල්ලවෙන චෝදනා වලින් අවම තරමේ 50%කින් වත් අවම කරගැනීමට හැකිවනු ඇති බව නිසැකය.
එම අලාභය සුනාමි ඛේදවාචකයෙන් අවතැන්වූවන්ට නිවාස තනාදීමට, විදේශ ණය ගෙවාදැමීමට හෝ අවමතරමේ යුද්ධයටවත් වියදම් කරේ නම් දුකක් නැත. නමුත් සිදුවූයේ අනෙකකි. සියළුම මුදල් රටින් පිටට ගලාගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලොක් ආර්ථික ශක්තිය සෑහෙන දුරට අවම වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් එපිටට මුදල් ගලායාවේ වේගය වැඩිවීමත් ලංකාව තුලට ගලාඑන මුදල් ප්‍රමාණය අඩුවීමත් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය තවත් නොබෝ කලෙකින් උච්ජත්වයට පත්වෙනු ඇත. මිහින් එයාර් ඛේදවාචකය ලාංකේය ආර්ථිකය බලපාන්නේ ඒ අයුරිනි. එය අලාභයන් නැවත ලංකාවේම ආයෝජනයකට යෙදුනේනම් කම් නැත එය වක්‍රව හෝ ලාංකේය ආර්ථිකයට මිශ්‍ර වන්නේ නම් කිසිදු අලාභයක් වන්නේ නැත. මිහින් එයාර් ආයතනයේ ලොකු පුටුවල උන් නිලධරයන්ට ගෙවන ලද අතිවිශාල වැටුප් පරිමාණයද මෙම කඩාවැටීමට හේතුවක් වන්නට ඇත. එමෙන්ම මෙම ආයතනය විසින් කාබාසිනියා කරන ලද තෙල් ප්‍රමාණය හරහා තවත් විශාල ගැටළු රාශියකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවිය.
එබැවින් මෙම ආණ්ඩුව ශක්තීමත් වීමට නම් දැන් කර යුත්තේ තව තවත් මැති ඇමති ධූර ලබාදී හිස් ගෙඩි වලින් පමණක් ශක්තිමත් කර නොගෙන, මෙවන් ආර්ථික කාබාසිනියාතුමන්ලා නීතිය හමුවට ගෙන නිසි දඬුවම් ලබාදී පාඩු වූ මුදල් ප්‍රමාණයෙන් අඩක්වත් රැඟෙන රටෙහි ආර්ථික දියුණුවට යෙදවීම තුලින් මහජන ප්‍රසාදය ලබාගැනීමය. නමුත් සිදුව ඇත්තේ අනෙකකි. මිහින් එයාර් කඩාවැටීමට ප්‍රධාන වශයෙන් දායක වූ අයෙක් හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතුවල ප්‍රධාන තනතුරකට පත්කොට ඇත.
හම්බන්තොට වරායටද අත්වන්නේ මිහින් එයාර් ඛේදවාචකයමද? අහෝ! ඛේදයකි!!
ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවිතයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.
නිදහස
July 13th, 2008 at 1:48 am
මහජන මුදල් ගසා කන ආණ්ඩු ඒවාට එරෙහිව දේශ ද්‍රෝහී, කොටි හිතවාදී ලේබලය ඇලවීම අලුත්ම ප්රවණතාවයයි. නමුත් මෙවැනි ද්‍රොහී ක්‍රියා වලට ප්රභාකරන් හෝ වෙනත් සඟයකු හවුල් බවට චෝදනා නැත. දකුණෙ ආණ්ඩුව සැමදා නිදහසට කාරණා ගොනු කරන්නෙ එලෙසිනි. එම නිසා මෙම ගනු දෙනුවත් සාධාරණිකරණය කිරීමට බ්ලොග් සටහන් පවා සමහර ස්ථාන වල ලියැවී තිබුනා.
calcuals
September 10th, 2008 at 12:17 am
ඇයි, මේ බ්ලොග් එක නැවතිලා!!!!!!!!!?