පළමු හා දෙවන සටහන් වලට ඔබෙන් ලැබුණු උණූසුම් ප්‍රතිචාරයන්ට තුති පුදමින් මෙවර “ඇත්ත” වෙබ් අඩවියේ සමබරතාවය රැකීම උදෙසා ගෙන එන දෙවැනි මාතෘකාවට පාදක වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන “සිරිකොත” ආසන්නේ කැමරාගත කරමින් සිටි ස්වාධීන රෑපවාහිනී මාධ්‍යකරුවන් දෙදෙනෙකුට “සිරිකොත” තුළදී පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ලවීමයි. මෙහිදී සැලකිය යුතු කරුණක් ඇත එනම්, මෙම ප්‍රහාරය කරන ලද එක්සත් ජාතික පක්ෂයේ ගෝලබාලයින් එසැණින්ම අත් අඩංගුවට ගැනීමය. සත්‍යවශයෙන්ම මාධයට අත තැබීම බරපතල කරුණකි. මෙහිදී සැණින් ක්‍රියාත්මක වූ පොලිස් ආරක්ෂක අංශ පැසසිය යුතුය. නමුත් සත්‍ය ඇත්තේ එතැන නොවේ. මීට මාස කීපයකට පෙර “ගරු ආචාර්ය” මර්වින් සිල්වා තවත් රාජ්‍ය නාලිකාවකට කඩා වැදී සිදුකරන ලද නාටකය ඔබට, මට නොව සිහි විකල් භාවයෙන් තොර ඇස් කන් ඇති සියළුම ලාංකිකයන් හට අමතක නොවන බව අපි දනිමු. එසේ නම් ඒ අවස්ථාවේ වගකිවයුත්තන් වහ වහා අත්අඩංගුවට නොගත්තේ ඇයි? සත්‍ය ඇත්තේ එතැනය. එය ලාංකීය දේශපාලනය හා මාධ්‍ය සමඟ ගණුදෙනුවේ කූට දෙබිඩි ප්‍රතිපත්තියයි. මාධ්‍යයට අත තැබීම යනු ජනතාවගේ දැනගැනීමේ අයිතියට අත තැබීම හා සමාන කරුණකි. මේ ගැන සිතීම ඔබට බාරයි.
මම, සත්‍යගරුක.
ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවිතයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.
නිලන්ත
July 13th, 2008 at 7:21 am
ඇත්ත කුමක්ද? අපි නිරන්තරයෙන් හොයන දේ. අද ඇත්ත හොයන්න වෙහෙසෙන්න වෙලා. මාධ්‍යයෙන් ඇත්ත කියැවෙන්නේ නැහැ. පුවත් වෙනුවට පවත් (පෙනෙන දේ, ඔවුන්ගේ මත) කියවන්න, අහන්න වෙලා. එහෙත් ඇත්ත නීරසයි. හැබැයි මතුවෙන්න කල් යනවා.