වඩාත් සාමාජයීය, දේශපාලනික හා ආර්ථිකමය වටිනාකමකින් යුතු වැඩ කරන ජනතාවගේ පංතියේ වැඩ වර්ජන ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. රෝගීන් ජීවිතක්ෂය පත්වන තෙක්, ආර්ථික හර පද්ධතීන් බිඳ වැටෙන තෙක් කරන්නාවූ මේ වර්ජන අතරට අද දිනයේ එකතු වී ඇත්තේ යුගයේ අසාර්ථකම වැඩ වර්ජනයයි. කම්කරු පන්තිය ලෙස තම ඉල්ලීම් දිනාගැනීම උදෙසා හඩක් නැගිය යුතුය. නමුත් එසේ කළ යුත්තේ යුක්ති සහගත වශයෙන් හේතු දක්වමිනි. මෙවර මහා වැඩ වර්ජනය සූදානම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ එහි සහය සඳහා වැලේ වැල් නැති එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා එකතුකරගන්නේ සියළු වාද බේද අත්හරිමිනි. එය, මෙහි ඇති පළමු විශේෂත්වවයි. එකිනෙකාට එකිනෙකා ඝාතනය කරගනිමින් මිලේජ්ජත්වයේ දේශපාලනයක් ඉදිරිපත් කරන ලද මේ පක්ෂ දෙක අද මිතුරන් සේ එකට අත්වැල් බැඳගනිමින් වර්ජනයට එක්වී ඇති අයුරු දැකීම එක් අතකින් පූරුවේ පිනකි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකාරී වශයෙන් වර්ජන රංගනයට දායක වෙද්දී එහි වඩාත් හාස්‍යජනකම රංගනය ඉදිරිපත් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත සහෝදරයාය. අද දවස තුළ නාගරික ප්‍රදේශ සියල්ලෙහිම පාහේ ඉතා කාර්යක්ෂම (වෙනත් දිනවලට වඩා සාපේක්ෂව) ප්‍රවාහන සේවයක් දක්නට හැකිවූ අතර පුද්ගලික බස්රථද සෑහෙන්න ප්‍රමාණයක් ධාවනයේ යෙදීම විශේෂ කරුණකි. තම මන්ත්‍රී ධූරය පවා උගස් කරමින් මේ අපූර්ව රංගනයේ දායකත්වය දැක්වූ ලාල් කාන්ත සහෝදරයාට වැලේ වැල් නැතිවී ගොස් ඇති හෙයිනි.
එමෙන්ම වර්ජනය ඇරඹීමට පෙර ජනතා විමුක්‍ති පෙරමුණෙන් බළලා මල්ලෙන් එලියට පැන්නේය. උතුරු මැද පළාත් පාළන මැතිවරණය කල් දමන්නේ නම් තමන් මෙම වර්ජනය නවතාලන බව ඔවුන්ගේ ප්‍රකාශය විය. එය ඔවුන් වැටී අගාධය මනාවට පැහැදිලි කරන්නකි. වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණේ බලවත් සෝදාපාළුව නිසා ශක්තිමත් හඬකින් තොරව ඔවුනට මැතිවරණයකට මුහුණ දීමට නොහැකි සෙයිනි. වැලේ වැල් නැති එක්සත් ජාතික පක්ෂද ජනතා විමුක්ති පෙරමුණ නමැති තුත්තිරි ගසේ එල්ලුනේ තම දේශපාලනික නිරුවත වසාගැනීමටදැයි සැක සහිතය.
සංවාදයට විවෘතයි!
ඇත්ත, සත්‍යයේ අන්තර්ජාල සටහන. නිදහස් චින්තනය දිරිගැන්වීමට හා නව සාමාජීය, ආර්ථික හා දේශපාලනික චින්තනයක් ගොඩනැගීම උදෙසා සිංහල යුනිකේතය බාවිතයෙන් නිර්මිත සිංහල භාෂා වෙබ් අඩවිය.
Sadeepa
July 11th, 2008 at 5:02 am
වැඩ වර්ජන කරන්නට ඕනෑ කෙනෙක්ට අයිතියක් තිබෙන්නට පුලුවන්. ඒක තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න පාවිච්චි කරන අන්තිමම ආයුදය වෙන්න ඕනෙ… ලාල් කාන්ත මහතා කරන මේ වැඩ වර්ජන වලට කියන්න පුලුවන් “ගරිල්ලා වැඩ වර්ජන” කියලා.. මොකද මේවාගේ අරමුණ තම දේශපාලන බලය ආණ්ඩුවට පෙන්නුම් කිරීමයි…
දවසක් සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ගෙන් කවුදේ ඇහැව්වලු කාටද ඔබ ඔබේ රටේ සාර්තකත්වයට ස්තුති කරන්නේ කියල… ඔහුගේ උත්තරය වුනේ කොලබ වරායේ කම්කරු නායකයන්ට බවයි.. මොකද ඔවුන් වැඩ වර්ජනය කරපු වෙලාවේ ලංකා වරාය ගැන කලකිරුන නැව් ආවේ සිංගප්පූරුවට නිසා … ඒ කාලය තුලදී ලී ක්වාන් යූ තම රටේ වරාය දියුනු කර ගත්තා…
හැම වර්ජනයක් නිසාම වෙන්නේ රට පස්සට යාමයි… ඒක ඕනෙ කෙනෙක්ට තේරෙන්වා…ආණ්ඩුව සර්ව නිර්දේෂීය කියල මම කියන්නේ නැහැ … නමුත් කෝටුවෙන් ගහන්න ඕනෙ වරදට මිසයිලයක් ගහලා හරියන්නේ නැහැ නේ…. ලාල් කාන්ත වගේ අවස්තාවාදී නායකයො ඉන්නකොට (අවස්තාවාදී වීමත් ඉවසුව හැකි ..ඒගොල්ලන්ගෙ සහෝදරවරු ටයර් සෑ වල යවපු එවුන් එක්ක රමණය කිරීම .. ? ) අපි දියුනු වෙයිද …
මේක තමයි ජේ.වී.පී ක්‍රමය … සමස්ත ආයතන වියුහයම වනසලා තමන්ගේ අරමුණු කරා යාම , තමන්ගේ දේශපාලන හෙලුව වහ ගැනීම තමයි ඔවුන්ගේ ක්‍රමය … සරසවි , ආයතන හැම තැනම අපි දකින්නේ මේ පහත් තත්වයමයි….