ads

Slider[Style1]

Style2

කතාබහ

විදෙස්

ක්‍රීඩා

ව්‍යාපාරික

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයන්නට ජනතා සහය ඉල්ලයි


සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කල ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ නැවත සක්‍රීයව ඇති අතර, අදාල ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් සහ හෝඩුවාවන් සෙවීමට පොලීසිය මහජන සහය පතයි.

2009.01.08 දින දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේදී මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩිපහරකට ලක්ව ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ පරීක්ෂණ පසුගිය රජය සමයේ නිසියාකරව ක්‍රියාත්මක නොවුණත් වත්මන් රජය නැවත එය සක්‍රීයව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ අංශ වෙත පවරා ඇත.

ඒ අනුව අදාල ඝාතනයට සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 

දුරකථන අංක : 0718591753 / 0718591770 ඔස්සේ ඔබ සතුව තොරතුරු හෝ වෙනත් එම ඝාතනය සම්බන්ධ විස්තර ඇතිනම් හැකි ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

රනිල් - මංගල සීතල යුද්ධයක.. “නෑ එහෙම ප්‍රශ්නයක් නෑ“


විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සීතල යුද්ධයක් පවතීයැයි මාධ්‍ය කීපයක්ම යටිබිම්ගත පුවත් පලකර සිටින අතර ඒවායේ ඇත්ත නැත්ත තවමත් නිසියාකාරව සොයාගත නොහැකිව ඇත. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට සම්බන්ධව සිටි පුවත්පතක සේවය කරන මාධ්‍යවේදියෙක් මෙම අසත්‍ය පුවත පතුරවන බවත් එම පුවත තරයේම ප්‍රතික්ෂේප කරන බවත් මංගල සමරවීර අමාත්‍යවරයාට හිතවත් වෙබ් අඩවියක් දහඅතේ දිවුරමින් ප්‍රකාශකිරීම තුලින් “ගැටුමක් නැතුවාම නොවෙයි“ යන සාධාරණ සැකයද මතුවේ.

ලතින් කියමනකට අනුව If he proves too much, proves nothing කියන්නාක් මෙන් යම් කිසිවෙක් යම් කාරණයක් වැඩි වැඩියෙන් ඔප්පු කිරීමට උත්සහ කිරීම තුල කිසිවක් ඔප්පු නොවීම සිදුවන්නාක් මෙන් මංගල- රනිල් ගැටුම සීතල යුද්ධයක් බව නොකියා කියන්නට ඇත. 

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස පාර්ශවය කලක් මුලුල්ලේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියාකරන විට ඔහු බේරාගැනීම සඳහා දැවැන්ත වැඩ කොටසක් කලේ මංගල සමරවීර මහතාය. නව රජය පත්වූ පසු අගමැතිවරයා සහ මංගල සමරවීර අමාත්‍යවරයා අතර විරසකයක් ඇති කිරීමට බොහෝ පිරිසක් කටයුතු කරන බවද නොරහසකි. ඒ නිසාවෙන් ඉදිරියේදී මේ සීතල යුද්ධයේ තතු නිසි ලෙස දැනගත හැකිවනු ඇත.

(2015.10.10 සෙනසුරාදා “ඇත්ත“)

ඇවන්ට් ගාර්ඩ් සමාගම ආණ්ඩුවේ හිතවතෙක් අතට පත්වෙන ලකුණු


පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අදාලව චෝදනා ලැබූ සමාගම ලෙස ප්‍රචලිත “ඇවන්ට් ගාර්ඩ්“ සමාගම වසා දැමීමට යන බව ආරංචි මාර්ග පවසති. පවතින තත්වය හමුවේ වත්මන් රජය අදාල සිදුවීම දැඩි ලෙස විමර්ශණය කිරීම නිසා ආයතනයේ ව්‍යාපාර කටයුතු තව දුරටත් කරගෙන යා නොහැකිවීම හේතුකරගෙන අදාල සමාගම වසාදැමීමට එහි පරිපාලනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේම එම සමාගම වසා දමා ඈවර කිරීමෙන් පසු එහි අයිතිය ලබාගැනීමට පොරකන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම සිටින අතර, බොහෝ දුරට එය වත්මන් රජයට සම්බන්ධ ප්‍රබල ව්‍යාපාරිකයෙකුට හිමිවණු ඇතැයි වාර්තා වේ. සති අන්ත පුවත්පත් ගණනාවක්ම මේ පිළිබඳ වාර්තා කර තිබිණි.

නාවික හමුදාව විසින් ගාලු වරාය ආසන්නයේදී අත් අඩංගුවට ගත් පාවෙන අවි නැව හේතුවෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමට එරෙහිව නඩු පවරනු ලැබීය. එම සමාගම පසුගිය රජය සමයේ ආරක්ෂක අමාත්‍යංශය සමග ඉතා කිට්ටු සබඳතාවක් පවත්වාගනු ලැබීය. එම සමාගමේ සේවයට යොදා තිබූ බොහොමයක් සේවකයින් “රක්නා ලංකා“ සමාගමේ සේවකයන්ය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටවණු ලැබූ සමාගමක් වන රක්නා ලංකා සමාගමේ පැවැත්මට ඇවන්ට් ගාර්ඩ් සමාගම විශාල දායකත්වයක් සැපයීය.

(2015.10.10 සෙනසුරාදා “ඇත්ත“)

සිරියානුවෝ පුටින් වීරයෙකු ලෙස සලකා පෙම්බඳිති


සිරියානුවන්ට මහා හිසරදයක්ව ඇති ත්‍රස්තවාදී ISIS සංවිධානය මුලින් උපුටා දැමීමට රුසියානු රජය සෘජුවම මැදිහත්වීම තුලින් අතීත රුසියා සහ සිරියා සබඳතා නැවත අලුත් වෙමින් ඇත. මේ වනවිට සිරියානු ජනතාව පුටින් සහ රුසියානු හමුදාව වීරයන් ලෙස සලකා ඔවන්ට පෙම්බැඳීම අරඹා ඇත.

පසුගිය දිනක මාධ්‍යවෙත නිකුත් වූ ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නේ සාම්ප්‍රදායික සිරියානු කාන්තාවක් රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින්ගේ ඡායාරූපයක් දැඩි සෙනෙහසින් යුතුව සිපගන්නා ආකාරයයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර අස්සේ සිරියානු ජනාධිපතිවරයා එලවා දැමීමට බොරදියේ මාළුබාන අතරතුර සිරියානු ජනපති අසාද්ගේ ඉල්ලීමකට අනුව ත්‍රස්තවාදීන් මැඩලීමට ඉදිරිපත්වූ රුසියාව ඔවුන් විරුවන් සේ සැලකීම පුදුමයක් නොවේ.

මේ වනවිට ගුවනින් පහරදීම් අරඹමින් ISIS ත්‍රස්තයන්ට රුසියානු යානාවලින් මාරාන්තික ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ඉදිරියේදී පාබල ප්‍රහාරද දියත් කිරීමට රුසියාව අපේක්ෂාකරයි.

(2015.10.07 බදාදා “ඇත්ත“)

පරණ වැරැද්දකට ජනක බණ්ඩාර පොලිස් අත්අඩංගුවට


හිටපු අමාත්‍ය සහ වර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ(06) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 1999 වර්ෂයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ සිදුවීමකට ඒ මහතා අත්අඩංගුවට පත්වී ඇතැයි වාර්තා වේ.

කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රකාශකරන ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කලේ පැරණි සිදුවීමක් සම්බන්ධව මෙසේ හදිසියේම අත්අඩංගුවට ගැනීම ද්වේශසහගත බවයි. අදාල සිදුවීමට සම්බන්ධ නඩුව තවමත් විභාග වෙමින් තිබෙන බවත් හදිසියේම ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ අත්අඩංගුවට ගැනීම පැහැදිලි නොමැති බවත් අදහස් දැක්වීය.

විමල් පාර්ලිමේන්තුවේ හයිබ්‍රිඩ් උසාවි කතාව ඇදගනී


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා කල හයිබ්‍ර්ඩ් අධිකරණයට රජය එකඟවී ඇතැයි සහ එය ක්‍රියාත්මක කිරීමට සූදානම්ය යන චෝදනාව කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යුධ ජයග්‍රහණය සහ රණවිමරුවන් පාවාදීම සම්බන්ධයෙන් රජයට දැඩිලෙස චෝදනා එල්ල කලහ.

මෙම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් බැනරයක් ප්‍රදර්ශනය කරමින් රජයේ තීරණවලට විරෝධතාවය දැක්වූ අතර එහිදී රජය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් තත්වයකි. රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් උත්සහ කලේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කල බැනරය ඉවත් කිරීමටය. මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව තුල විය. මේ කලබලය අතර තුර මහින්ද රාජපක්ෂ මහතා නැගීසිටි අවස්ථාවේ එතුමන්ගේ පුටුවද පෙරලී ගියහ.

මේ සිදුවීම් අතර තුර විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ගේ ජංගම දුරකථනයෙන් සිදුවීම ඡායාරූපගත කිරීම නිසාවෙන් එයට විරුද්ධව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සහ සූජීව සේනසිංහ මහතා අදහස් දැක්වීය. පටු ප්‍රචාරණ වාසි ගැනීමේ අරමුණෙන් පාර්ලිමේන්තුව තුල කලහ කිරීම වලක්වන ලෙස ඔවුන් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව පාර්ලිමේන්තුව කෙටි කාලයකට කල් තැබිණි.

(2015.10.07 බදාදා “ඇත්ත“)

ISIS ත්‍රස්තවාදීන් ඉරාක ගෝත්‍රිකයන් බුරුතු පිටින් මරාදමයි


ඉරාකයේ ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ISIS ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් මේ වනවිට තවත් උත්සන්න වෙමින් පවතියි. නවතම තත්වය වන්නේ ත්‍රස්තවාදීන් ඉරාකයේ ගම්බිම් වලට වැදී සාම්ප්‍රදායික ඉරාක ගෝත්‍රික කණ්ඩායම් බුරුතු පිටින් සාහසික ලෙස ඝාතනය කිරීමයි. පසුගිය දිනවල ඉරාකයේ අල්බු නිම්ර් නැමති ගෝත්‍රික ගමට කඩා පැන එහි ජීවත්වූ ගෝත්‍රිකයන් 70ක පමණ පිරිසක් මෙසේ ඝාතනය කර ඇත.

ජිහාඩ්වාදීන්ට එරෙහිව දැඩිලෙස ක්‍රියාත්මක වන මෙම අල්බු නිම්ර් ගෝත්‍රික කණ්ඩායම් සමග ත්‍රස්තවාදීන් දැඩි වෛරයකින් පසුවීම මෙම ඝාතනවලට හේතුව ලෙස වාර්තා වේ. අදාල ගෝත්‍රික නායකයා ප්‍රකාශකර සිටින්නේ රජයේ ආරක්ෂක අංශවල සේවයකරන ISIS ත්‍රස්තවාදීන් මෙම ඝාතනයන්ට සම්බන්ධ බවයි.

(බී.බී.සී සිංහල සේවය ඇසුරින්)

Top